පෝෂණය සම්බන්ධයෙන් දැනුවත් කරන වැඩසටහන් ක්‍රියාත්මක වීම අවශ්‍යයි – ක්‍රීඩා ඇමති කියයි!

ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයත්, ක්‍රීඩා වෛද්‍ය ආයතනයත්, ක්‍රීඩා සංගම් සමඟ ඒකාබද්ධව ක්‍රීඩක ක්‍රීඩකාවන් හා පුහුණුකරුවන් 140 ක් ඉලක්ක කර ගනිමින් පැවති, ක්‍රීඩා පෝෂණය සම්බන්ධ online පාඨමාලාව අවසන් කළ පිරිසට සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ අවස්ථාව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (28.04) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ දී පැවත්විණි.

මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් ගැටලු රාශියක් තිබෙන බවත්, ගාල්ල අක්මීමනදීත්, යාපනයේදීත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් මූලිකවම අහන්න ලැබුණු ගැටලුවක් වූයේ ඔවුන්ගේ පෝෂණය සඳහා අවශ්‍ය ආහාර නොමැති වීමෙන් ඔවුන් අපහසුතාවයට ලක් වූ ඛේදජනක පුවත් බවත්, අමාත්‍යවරයා මෙහි දී අදහස් දක්වමින් පැවසුවේ ය.

ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ දියුණු තැනකට ගෙන ඒමේ දී, පෝෂණය සම්බන්ධයෙන් දැනුවත් කරන මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක වීම ඉතා වැදගත් බවත්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පෝෂණය සම්බන්ධයෙන් සොයා බලා, නිසි ක්‍රමවේදයකට ඉදිරියේ දී හැකි උපරිමයෙන් ක්‍රියාමාර්ග ගැනීමට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය ලෙස වගබලා ගන්නා බව වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙහිදී පැවසුවේය.

මෙම ප්‍රවෘත්තිය ඔබ මාධ්‍ය මඟින් ප්‍රචාරය කර දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබ ලබාදෙන සහයෝගය බෙහෙවින් අගය කරමු.

මෙම අවස්ථාවට අදාළ ඡායාරූප හා වීඩියෝ දර්ශන මේ සමඟ යොමු කර ඇත බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශ වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *